අද මට හිතුනා පොඩ්ඩක් ටෙක්නිකල් (තාක්ෂණික) මාතෟකාවක් ගැන සටහනක් ලියන්න.
පරිගණක ගැන කථා කරනකොට, "මෙහෙයුම් පද්ධතියක" වැදගත්කම ගැන බොහො දෙනා දන්නව නෙව.
(හරි හරි දන්නැති උනත් කමක් නෑ, මෙක කියෙව්වාට පාඩුවක් වෙන්නෑ)
ම්ම්ම්ම්...............................
මෙහෙයුම් පද්ධතියක් ගැන කථා කරන කොට "GNU/ලිනක්ස් " ගැන මම කථා කරන්න හිතුවෙ මොකද
එකට ("GNU/ලිනක්ස්") හරිමන් ව්‍යුහයක් (structure) තියෙන නිසා.
අද මගෙ වචන බර වැඩිද මංදා $!@$&*
මෙහෙයුම් පද්ධතියක් විස්තර කරන්නත්, ඇත්තටම ඔය පොත්වල තියෙන විධිහට ඒවා වැඩ කරනවද කියලා බලන්නත් පුළුවන් ඉතින් "GNU/ලිනක්ස් " පද්ධතියක් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අතපත ගලා තමයි.
මොකො ඉතින් ඔය "බිල්"(Bill Gates) අයියාගේ අපි පාවිච්චි කොරන කාගෙත් "සුන්දරී" වින්ඩොස්
මෙහෙයුම් පද්ධතිය වැඩ කරන විධිහ දන්නේ ඉතින් "බිල්" අයියායි උගෙ ......... විතරක් නොවැ.
ඔන්න මම එහෙනම් චාරිකාව පටාන් ගන්නයි යන්නේ.
මම මගේ පරිගණකයෙ පණ ගැන්වෙන ස්විචය තද කලා.
ඔන්න මුලින්ම, පණ ගැන්වෙන විට ක්‍රියාත්මක වෙන ස්වයං පරික්ෂාව (POST- Power On Self Test)
සිද්ද වුනා.
ඊලගට මගේ දෘඩ තැටියෙ වැඩසටහන් කරල තියෙන (program) බුට් ලෝඩර් එක ප්‍රධාන මතකයට සැපත් වුනා.
බුට් ලෝඩර් එක මගෙන් අහපි මොන මෙහෙයුම් පද්ධතියද පණ ගැන්විය යුත්තෙ කියලා.
මම ඉතින් මගෙ හිතවතා "knoppix" මලයාව තොරා පත් කර ගත්තා.
ඔන්න ඉතින් දෘඩ තැටියෙ කොහෙ හරි ගබඩා වෙලා තියෙන ලිනක්ස් "කර්නල්" එක ඊලගට ප්‍රධාන මතකයට
රැගෙන ආවා.
සාමාන්‍යයෙන් ලිනක්ස් "කර්නල්" එක ගබඩා වෙලා තියෙන්නෙ /boot/vmlinuz කියන තැන.
මෙක 2MB විතර ෆයිල් එකක්. මෙ ෆයිල් එක තමයි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙ හදවත.
බුට් ලෝඩර් එකෙන් මේ ෆයිල් එක ප්‍රධාන මතකයට ගෙන දිග හරිනවා.
මොකද මේ ෆයිල් එක සම්පීඩනය (compress) කරන ලද ආකාරයකට තමයි තැම්පත් වෙලා තියෙන්නෙ.
ලිනක්ස් "කර්නල්" එක ලෝඩ් වෙන කොට පරිගණකයෙ සියළුම දෘඩාංග මෘදුකාංග මට්ටමෙන් පණ ගැන්වෙනවා.
ඔයගොල්ලො සමහරකට මේ "කර්නල්" කව්ද කියලා ප්‍රශ්ණයක් ඇති නේද ?
ආ ප්‍රශ්ණයක් නැති වුනාට ප්‍රශ්ණයක් නෑ මම මේ "කර්නල්" කව්ද කියලා පොඩි අයිඩියාර් (අදහසක්) එකක් දෙන්නම්.
"කර්නල්"
මෙයා මෙ හමුදාවට සම්බන්‍ධ කෙනෙක් එහෙම නෙමේයි. හැබැයි මෙයා හමුදාවෙ ඉන්න "කර්නල්" අයියාට දෙවෙනි නෑ.
මෙයා තමයි "මෙහෙයුම් පද්ධතියක" ඉන්න අයියා. අයියා කිව්වට ඇත්තටම අයියලා කිහිපදෙනෙක් එකතු වෙලා තමයි මෙ "මෙහෙයුම් පද්ධතියක අයියා", "කර්නල්" කෙනෙක් වෙලා තියෙන්නේ.
මෙයා (කර්නල්) තමයි මෙහෙයුම් පද්ධතියක් පණ ගැන්වුනාට පස්සෙ දෘඩාංග පද්ධතියෙ සියළු සකල මනා ආදිය පාලනය භාරව කටයුතු කරන්නෙ. "කර්නල්" අයියාට කියලා තමයි අපි දෘඩාංග පද්ධතියෙන් වැඩ ගන්නෙ.
අම්මෝ නිදිමතයි..................................
ඉතුරැ ටික හෙට ලියන්නම් , හොදේ ? ...................
බර් ........බර් ..... බර් ................ (නින්ද ගියා.)
හා! මම කථාකර කර හිටියෙ "කර්නල්" ගැනනේ ? හරි මම කිව්ව "කර්නල්" අයියාලා සෙට් එක ගැන තමයි
ඊලගට කථා කරන්න තියෙන්නේ.
ඈ ! "කර්නල්" අයියාලා කව්ද කියලා අහන්නේ, ඇයි හත්තිලව්වෙ මම ඊයෙ කිව්වෙ "කර්නල්" කියලා
කියන්නෙ අයියාලා සෙට් එකක් කියලා.
ඔන්න මෙ අයගෙන් වැඩියෙන්ම වැදගත්, ලොක්කයියාගෙ නම තමයි "scheduler", ඉංගිරිසියෙන්
"බෙදන්නා" කියලා කියතැහැකි. ඇත්තට මෙක මේ මම දැන් දැම්ම නමක්.
"බෙදන්නා"
හා හා ! බෙබද්දා නෙමෙ, "බෙදන්නා".මෙයාගෙ ඉංගිරිසි නම දලා තියෙන්නෙ එයාගෙ රස්සාව ගැන සලකල
මයි හිතේ. "බෙදන්නා" තමයි මෙහෙයුම් පද්ධතියක් පණ ගැන්වෙන විට මුලින්ම ක්‍රියාත්මක වෙන වැඩසටහන.
මේ අයියා තමයි C.P.U (මධ්‍යම සැකසුම් ඒකකය) එක භාරව ඉන්නෙ. මෙයාගෙ ඩියුටිය තමයි අපෙ පරිගණකයෙ
අනෙකුත් වැඩසටහන් වලට (programs [processes] ) C.P.U එක පාවිච්චි කරන්න ඉඩ
සලස්වා දෙන එක. මෙයා වැඩසටහන් (processes) වලට එක්තරා සාධාරණ ක්‍රමයකට (ඉංගිරිසියෙන්
algorithm එකක් කියලා තමයි කියන්නෙ) C.P.U එක පාවිච්චි කරන්න දෙනවා.
සාමාන්‍යයෙන් "GNU/ලිනක්ස් " මෙහෙයුම් පද්ධතියක මෙයාගෙ නම තියෙන්නෙ "init" කියලා.
බිල් අයියාගෙ "සුන්දරී", වින්ඩොස් වල task manager එකෙ, processes tab එකෙ මෙයගෙ නම
ලියලා තියෙන්නෙ "System Idle Process" කියලා නොවැ. හි හි ...
ම්ම්ම්ම්ම්.... තවත් වැදගත් අයියාලා දෙන්නෙක් ඉන්නවා කථා කරන්න ඕන.
ඊලග අයියා තමයි M.M.U (Memory Management Unit) සිංහලෙන් මම මෙකාට කියන්නම්
"මතක පරිපාලන" අයියා කියලා.
මොකො, නමෙ කිසි කික් එකක් නැද්ද ? ඈ ?
මේ යකාට මෙ නම හරි දැම්මෙ මගෙ මොළේ කොලොප්පම් වෙනකං කල්පනා කරලා.
පස්සේ ඔන්නම් වෙන මොකක් හරි නමක් දාමු, හොදේ ?
මෙයාගෙ ("මතක පරිපාලන") අවසරය නැතිව ප්‍රධාන මතකයට (අපි ඔය RAM එක කියලා කියන්නෙ)
අත තැබිම සපුරා තහනම්. "මතක පරිපාලන" සහොදරයා තමයි ප්‍රධාන මතකය සම්බන්ධ සියළු කාරනා
කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නෙ. මෙයා තමයි ප්‍රධාන මතකය, අනෙකුත් වැඩසටහන් වලට පාවිච්චි කරන ආකාරයට ඉඩ කටයුතු සලසලා දෙන්නෙ.
ඊලග අයියා තමයි පරිගණකයෙ දෘඩාංග පද්ධතියෙ ආදාන/ප්‍රතිදාන (input/output) සම්බන්ධව කටයුතු
කරන්නෙ. ...........................................................................
අම්මෝ ! අදට මම අපේ චාරිකාව මදකට නතර කරනවා, (ෆුල්ස් ටොප් එකක් නෙමෙ කොමාවක් දාලා)
ලබන සතියෙ ඉතිරි කොටස හොදේ ?
එතකං ඔයගොල්ලන්ට පුළුවන් මම අන්තිමට කිව්ව අයියාංඩියාට නමක් යොජනා කරන්න. හි හි හි ...
ඔන්න මම එහෙනං ගෙහුං එංඤං හොදේ ?
මීට,
පසන්
Saturday, May 9, 2009
Sunday, May 3, 2009
"ටීගො" වික්‍රමය
සෑහෙන දවසකින් බ්ලෝග සටහනක් ලියන්න බැරිවුනා.
කොහෙද ඉතින් පහුගිය දවස්වල එකසිය ගානට වැඩ තිබුනනෙ.
අදත් ඉතින් හිතුනා සිංහලෙන් මොනව හරි ලියලා දාන්න.
පහුගිය සතියෙ තමයි අපි tigo එකේ IP PABX ව්‍යාප්පෘතිය භාරදෙන්න දින යෙදිලා තිබුනෙ.
මාර කට්ටක් තමයි කෑවේ. හැබැයි ඉතින් පුංචි පහේ ගතියකුත් තිබුනා. හා හා !
රෑයවල් 4ක් 5ක් විතර සර්ව රාත්‍රිකයන්ටත් සෙට් වෙන්න වුනා.
කොටින්ම පහුගිය හෙනහුරාදත් tigo එකට පිංසිද්ද වෙන්න රෑය පහන් කලෙ tigo එකේ.
එදා මාර සිද්ධියක් උනා (හෙනහුරාද). මමයි මගේ සගයා හිමාල් කොල්ලයි tigo එකේ
PABX කාමරේට රිංගුවා අපේ එක සවරයක් (server) පරික්ෂා කොරන්න, අකලංක,
ඒ සවරය (server) බුල් කෙලිනවා කිව්ව හින්දා.
server 2කෙන් අපි පරික්ෂා කරපු එකේ cdrom එක තිබුනෙ නෑ.
කරැමෙට අපිට cdrom එකක අවෂ්‍යතාවය ජුන්ඩකට මතුවුනා.
හිමාල් කොල්ලගෙයි මගෙයි නෙත්‍රා සතර යොමු උනේ අනෙක් server එකේ cdrom එක
වෙතයි. එව්වා ඉතින් hot swappable හින්දා මම හිමාල් කොල්ලට කිව්වා
cdrom එක ගලවලා ගනිං කියලා.
ඔන්න ඊට පස්සෙ අපි වැඩෙ පටාන් ගත්තා. විනාඩියක් ගියෙ නෑ අපෙ සද්දන්ත කොළුවා අකලංක
මෙන්න බොලේ එනවා ඩුම් ඩුම් .. ගගා ශබ්ද නගාගෙන. හි හි
තරමක අලියෙක් සවර රෑම් එක ඇතුලේ. හි හි ..
මෙන්න මෙකා කියාපි "අඩො පසා මල කෙලියයි මුංගෙ ( tigo එකේ) core switch
එකක් ඩවුන් වෙලා ද කොහෙද මට main server එකට ලොග් වෙන්න බෑ" කිව්වා නෙව.
මටයි හිමාල් කොල්ලටයි හීන් දාඩිය දාන්න ගත්තා. අපි දෙන්නත් "රසාංක " අයියංඩි වගේ
වික්‍රමයක් වත් කොලාද දාන්නෑ කියලා මට හිතුනා. හි හි
මොකද main switch rack එකේ තමයි අපෙ සවර දෙකත් අටවලා තිබුනෙ.
පස්සෙ මට ක්ලික් වුනා සීන් එක. අපි (මමයි ,හිමාල් කොල්ලයි) මීට ස්වල්ප වෙලාවකට
කලින් main server එකට දුන්න ජිල් මාට් සීන් එක මතක් වුනා.
මම වහාම ක්‍රියාත්මක වි හිමාල් කොල්ලට කිව්වා අසල තිබුන මොනිටරය (ඉංගිරීසියෙන් තිරය කියලත් කියනවා
,, හික් හික් ) සවරයට සවිකොරන්න කියලා.
ඔන්න ඉතින් හිමාල් කොල්ල මොනිටරය හයි කොලා විතරයි, බොහෝම අගේට මෙන්න තිරයෙ දිස්වෙන්නෙ
"කර්නල් පැනික් "
"kernel panic"
කියලා. මදැ කොලා cdrom එක ගලවද්දි එක මවුන් කරලා තිබිලා තමයි මෙ අකර තැබිබ වුනෙ.
හොද වෙලාවට මෙ කෙලිය හෙනහුරාද වුනේ මොකද "ටීගො" එක එදා නිවාඩු.
නැත්තං නම් ටීගො එවුන් ටික අපෙ සුප් හදලා බොනවා ආයෙ එකෙ දෙකක් නෑ.
අකලංක කොළුවා ටක් ගාලා සවරය රීස්ටාට් කරා.
යන්තම් එයින් ගොඩ ගියා. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ....
මාර ටයඩ් , සිංහලෙන් නොවැ අදත් කෙටුවෙ.
ඔන්න එහෙනම් මම අදට නැවතුනා.
පසුව හමුවෙමු.
ආයුබොවන් කිව්වා එහෙනම්.

Subscribe to:
Posts (Atom)